free bootstrap templates

රචනාමය ගැටළු

පිළිතුරු 

Home  >   [Technical Corner]  >   Exam Support  >  Automobile Mechanic 1  >  Answer 1 

1 .සම්ප්‍රදායික ඉග්නිෂන් පද්ධතිය ඇද කොටස් නම් කර එහි ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන්න 

සම්ප්‍රදායික ඉග්නිෂන් පද්ධතිය ඉහතින් දැක්වේ. මෙහි ප්‍රධාන උපාංග ලෙස බැටරිය, ඉග්නිෂන් දගරය, ඩිස්ට්‍රීබියුටරය තුල ඇති කැන්ටැක් බ්‍රේකර්, කැපැසිටරය, පුලිඟු පෙණු, දැක්විය හැකිය. පුලිඟු පෙණු තුලින් පුළිගුවක් පැන්නීම සඳහා අධි වෝල්ටීයතාවයකින් පුළිගු අග්‍ර අතර ඇති කල යුතු වේ. මෙය මූලිකව සිදු කරනු ලබන්නේ ඉග්නිෂන් දගරය මගිනි.

එහි ප්‍රාථමික දගරය සඳහා ලබාදෙන වෝල්ට් දොළහක වෝල්ටීයතාවය කැන්ටැක් බ්‍රේකර් මගින් බිදින විටදී ප්‍රාථමික දගරයේ ඇති වන පසු ස්වයං ප්‍රේරණ ධාරාව වෝල්ට් 300 පමණ අගයක් ගනු ලබයි. ප්‍රථමික දගරය සහ ද්විතීය දගරයේ දගර අතර අනුපාතය 1. 300 පමණ වේ. මේ නිසා ට්‍රාන්ස්ෆෝමර් ක්‍රියාකාරිත්වය මත ප්‍රාථමික දගරයේ දගරයේ ඇති වන වෝල්ට් 300 වෝල්ටීයතාවය ද්විතීය දගරය තුලදී වෝල්ට් 30000 පමණ වේ. 

ප්‍රාථමික දගරයේ විදුලිය සිදින විටදී ප්‍රථමික දගරය තුල ගලායන පසු ස්වයං ප්‍රේරණ ධාරාව ඉතා ඉක්මනින් ඇති වී නැති වී යයි. මේ නිසා පුලිගුව ඇති වන කාලයද ප්‍රමාණවත් නොවේ. මේ නිසා පසු ස්වයං ප්‍රේරණ ධාරාව ප්‍රමාණවත් කාලයක් පවත්වා ගැනීමට කැපැසිටරය තුල ගබඩා වූ වෝල්ටීයතාවය උපකාරී වේ. කැන්ටැක් බ්‍රේකර් බිදුණු කාලය තුල ප්‍රාථමික පරිපථයට අවශ්‍ය වෝල්ටීයතා පීඩනය කැපැසිටරය මගින් ලබා දීම තුලින් ප්‍රමාණවත් පුලිගු කාලයක් ලබා ගනු ලබයි.


මෙසේ නිපදවා ගත් වෝල්ටීයතාවය දහන පිළිවෙල අනුව අදාළ සිලින්ඩරයේ පුලිගු පෙනුවට ඩිස්ට්‍රීබියුටරය මගින් ලබා දීම සිදු කරයි.


ඉග්නිෂන් දගරය ක්‍රියාකාරී වෝල්ටීයතාවය වෝල්ට් 9 වන අතර මෙසේ සිදු කර ඇත්තේ වාහනය පණ ගන්වන විටදී බැටරියේ වෝල්ටීයතාවය වෝල්ට් 9 දක්වා පහල බසින බැවිනි. එබැවින් රථය පන ගන්වන විටදී පවතින වෝල්ට් 9 ට සරිලන ලෙස ඉග්නිෂන් කොයිලය නිපදවා පන ගැන්වීමෙන් පසුව ඉහල නගින වෝල්ටීයතාවය බ්ලාස්ට් රෙසිස්ටරය මගින් වෝල්ට් 9 දක්වා අඩු කර ඉග්නිෂන් දගරයට ලබා දෙනු ලබයි.


 2. වේස්ට් ගේට් වෑල්වයක් (Waste Gate) මගින් ඉටු කරන කාර්ය කුමක්ද? එය අක්‍රීය වූ විට රථයේ ඇති විය හැකි දෝෂය කුමක්ද?


වෙස්ට් ගේට් වෑල්වය ටර්බෝ පද්ධතිය තුල අඩංගු උපාංගයකි. ටර්බෝව මගින් එන්ජිමේ සිලින්ඩර පිරවීම උපරිමව පවත්වා ගනු ලබයි. එහෙත් එන්ජිමේ භාරය හෙවත් එන්ජින් ලෝඩ් එක වැඩි වන අවස්ථා වල එහි ක්‍රියාකාරිත්වය නවතා දැමිය යුතුය. එනම් කන්දක් නගින අවස්ථාවකදී එන්ජිමේ වේගය අඩු බැවින් සිලින්ඩර පිරවීම මනාව සිදුවේ. මේ අවස්ථාවේ ටර්බෝ ක්‍රියාකාරිත්වය සිදුවුවහොත් එන්ජීමේ සිලින්ඩර වලට අවශ්‍ය වාත ප්‍රමාණයට වඩා වැඩි වත ප්‍රමාණයක් ලැබෙන අතර එවිට නොක් වීමද සිදු විය හැකිය.


මෙම දෝෂයට පිළියමක් ලෙස ටර්බෝ රථ වල වෙස්ට් ගේට් නම වෑල්වයක් යොදා ගන්නා අතර එමගින් ඉන්ලට් මැනිෆෝල්ඩ් පීඩනය ඉහත අවස්ථා වල නියතව තබා ගනී. එනම් එන්ජින් භාරය වැඩි වී සිලින්ඩර පිරවීම වැඩි වන විට ටර්බෝ එකෙහි වේගය අඩු කිරීමෙන් ද සිලින්ඩර පිරවීම අඩු වන විට ටර්බෝ වේගය වැඩි කිරීමෙන්ද මෙම පාලනය සිදු කෙරේ.


3. මූලික ඩීසල් එන්ජිමක් (සාමාන්‍ය ඉන් ලයින් ඩීසල් පොම්පය සහිත) ත්‍රෝට්ල් දොර (Trottal Door/Valve) නොමැතිව නිෂ්පාදනය වීමටත් සාමාන්‍ය පෙට්‍රල් එන්ජිමක් ත්‍රෝට්ල් දොර සහිතව නිෂ්පාදනය වීමටත් හේතුව කුමක්ද?


මෙයට හේතු වන්නේ ඩීසල් එන්ජිමක සහ පෙට්‍රල් එන්ජිමක ඉන්ධන සහ වාතයේ එකතුවීම සිදුවන ක්‍රමය එකිනෙකට වෙනස් නිසා වේ. එනම් නිර්මාණය අතින් පෙට්‍රල් සහ ඩීසල් එන්ජිම් බොහෝ දුරට සමාන වුවත් එයට ඉන්ධන සැපයීම අතින් සම්පූර්ණයෙන් වෙනස් වීමයි.


පෙට්‍රල් එන්ජිමකට ඇතුළු වන වාතය රියදුරු විසින් පයෙන් පාලනය කරන අතර ඇතුල් වන වාතයට සාපේක්ෂව ඉන්ධන ඉන්ධන පද්ද්ධතිය හරහා වාතයට එකතු වේ. නමුත් ඩීසල් එන්ජිමක ඇතුළු වන වාතය පාලනය නොකරන අතර ඇතුළුවන වාතයට අවශ්‍ය ඩීසල් රියදුරු විසින් ලබා දේ. කෙසේ වෙතත් වාතය පාලනය කිරීමට වඩා ඩීසල් පාලනය කිරීම අපහසු වූ බැවින් නව ඩීසල් එන්ජින් වල ත්රෝටල් දොරක් යොදා ගැනේ. 


4. අලුත්වැඩියාවක් සඳහා ගලවන ලද එන්ජිමක ස්නේහක මන්ඩ් ලෙස (Oil Sluge) තැන්පත් වී ඇති බව දක්නට ලැබුණි. මෙයට හේතු විය හැකි කරුණු දෙකක් සඳහන් කරන්න


  • රථය නොකඩවා කෙටි දුර ධාවනය.
  • එන්ජිම් ඔයිල් එන්ජින් කූලන්ට් සමග මිශ්‍ර වීම 
  • අධික උෂ්නත්වයකට (OVER HEAT) නොකඩවා පත් වීම. 


5. එන්ජිමක සිලින්ඩර පිරවීම උපරිම අගයකින් පවත්වා ගැනීම සඳහා මෝටර් රථ එන්ජිමක් තුල යොදා ගන්නා උපක්‍රම/පද්ධති (System) තුනක් සඳහන් කරන්න.


  • ටර්බෝ පද්ධතිය 
  • වෙරියබල් වෑල් ටයිමින්ග්
  • වෙරියබල් ඉන්ලට් මනිෆෝල්ඩ් 



6. පරිසර උෂ්ණත්වය අඩු වන විට ඩීසල් වල ගලා යාමේ හැකියාව වැඩිවේ. මෙමෙ ප්‍රකාශය නිවැරදිද? පැහැදිලි කරන්න


නිවැරදි නොවේ. ඩීසල් වල අඩංගු පැරෆින් නම රසායනික දව්‍ය උෂ්ණත්වය අඩු වන විටදී ඝනීභවනය වී ස්ඵටික බවට පත් වේ. මෙමෙ ස්ථටික ඩීසල් වල ගලා යාමේ හැකියාව අඩු කරයි. එබැවින් නවීන රථ වල ඩීසල් පද්ධති තුල ඩීසල් හීටර යොදා ගැනේ.


7. ටර්බෝ චාජරයක් සහිත රථ වල බොහෝ විට ඉන්ටර්කූලර් ( Intercooler ) යොදා ගැනේ. මෙහි අවශ්‍යතාවය කුමක්ද?


ටර්බෝවක අවශ්‍යතාවය එන්ජිමේ සේඉලින්දර උපරිම අගයකින් පිරවීම සිදු කිරීමයි. එනම් සිලින්ඩර තුලට වාතය හෙවත් ඔක්සිජන් නොඅඩුව ලබා දීමයි. නමුත් පිටාර වායුවෙන් ක්‍රියා කරන ටර්බොවක් හරහා සම්පීඩනය වී එන වාතය අධික උෂ්ණත්වයකට පත් වේ. උෂ්ණත්වය වැඩි වන විට වායුවේ ඇති ඔක්සිජන් අනු ඈත් වීම සිදු වේ. එනම් යම් කිසි වාත කොටසක් තුල ඇති ඔක්සිජන් අණු ප්‍රමාණාත්මකව අඩු අගයක් ගනු ලබයි. එබැවින් වාතය සිසිල කර එහි ඝනත්වය වැඩි කර ඔක්සිජන් අණු වැඩි ප්‍රමාණය ඇති කරවීම සඳහා ඉන්ටර්කූලරයක් මගින් ටර්බෝවෙන් පිට වූ වාතය නැවත සිසිල කර ඉන්ලට් මැනිෆෝල්ඩ් එක තුලට ලබා දේ


8. පෙට්‍රල් මෝටර් රථයක්‌ පණගන්වා ලසි දිවුම් වේගයේ (Idel Speed) තබා ඇත්නම් එහි ඉන්ධන වායු මිශ්‍රණය පිළිබඳව කිව හැක්කේ කුමක්ද?


මෙහිදී ඉන්ධන වායු මිශ්‍රණය බොහෝ විට නිසරු (Lean) අගයක් ගනු ලබයි.


9. පෙට්‍රල් එන්ජිමක පූර්ණ දහනයක් සඳහා අවශ්‍ය ප්‍රධාන සාධක තුන මොනවාද?


  • සාර්ථක ඉන්ධන වායු මිශ්‍රණයක්
  • හොද සම්පීඩනයක්
  • හොද පුලින්ගුවක් 


10. EGR පද්ධතියේ මූලික අවශ්‍යතාවය කුමක්ද?


දහනයේදී සිලින්ඩර අධික උෂ්ණත්වයකට පත්වීම නිසා NOx  හෙවත් නයිට්‍රිජන් ඔක්සයිඩ සිලින්ඩරය තුල නිපදවේ. නයිට්‍රිජන් ඔක්සයිඩ ඉතා හානිකර රසායනිකයක් වන අතර මිනිස් සිරුරට ඉතා හානිකර වේ. පිටාර වායුවේ අඩංගු කාබන් ඩයොක්සයිඩ් ඉතා හොද උෂ්ණත්ව අවශෝශකයක් වන අතර  සිලින්ඩර තුල ඇති වන අධික උෂ්ණත්වය කාබන් ඩයොක්සයිඩ් මගින් උරා ගැනීමට සලස්වා ඇත. මෙහිදී සිලින්ඩර උෂ්ණත්වය පහල බසින අතර NOx හෙවත් නයිට්‍රිජන් ඔක්සයිඩ සිලින්ඩරය තුල නිපදවීම පාලනය වේ. මෙය EGR පද්ධතියේ මූලික කාර්ය වේ.