free web maker
Please inform us abour your ewent or 
Home  >   [Information Corner]  >   Topical Article  >  Page 2

මෝටර් රථ ක්ෂේත්‍රයේ විදේශ රැකියාවක් නිවැරදිව තෝරාගනිමු

මෙම ලිපියේ අරමුණ කුමක්ද?
ලංකාවේ සහ ජාත්‍යන්තරව පිළිගත් මෝටර් රථ තාක්ෂණික පාඨමාලාවක් ලංකාවේ නොමිලේ හැදෑරීම සඳහා මග පෙන්වීමක් ලබා දෙන ලෙස බොහෝ දෙනා අපගෙන් ඉල්ලීම් කර ඇති අතර ඒ වෙනුවෙන් මෙමෙ ලිපිය ඔබ වෙත ගෙන එනු ලබනවා.
ඇතැම් සිසු දරුවන් පාසල් අධ්‍යාපනයෙන් පසුව ඉතා විශාල මුදලක් වියදම් කර ඇතැම් මෝටර් රථ පාඨමාලා හදාරනවා. පාඨමාලාව අවසානයේ දේශීය හෝ විදේශීය රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයට ඔවුන් ඉදිරිපත් වනවා. එහිදී තමයි ඔවුන් දැන ගන්නේ තමන් හදාරන ලද පාඨමාලව පිළිගන්නේ නැහැ එසේත් නැත්නම් සුදුසු නැහැ කියල. ඒ හේතුව නිසා දැනට පවතින මෝටර් රථ කර්මාන්තයේ ඇත්ත තත්වයත් හැදෑරිය යුත්තේ කුමන ආකාරයේ පාඨමාලාවක් යන්නද පිලිබදවත් අප මෙයින් කරුණු කියා දෙන්නයි සූදානම.   

    1. විදේශ වෙළඳපොලේ මෝටර් රථ කර්මාන්තයේ ඇත්ත තත්වය
    2. රැකියාවක් තෝරා ගැනීම
    3. රටක් තෝරා ගැනීම
    4. විදේශ රටකදී ඔබ සේවය කරන ආයතනය තෝරා ගැනීම
    5. මෝටර් රථ රැකියාවලට යොමු කරන ලංකාවේ විදේශ රැකියා නියෝජිත ආයතනය (Agency) තෝරා ගැනීම
    ARC සඟරාව මෙවැනි ලිපියක් ගෙන එම සඳහා ප්‍රමාණවත් දැනුමකින් යුක්තද?
    ඔවු. ARC සඟරාව දැනට ලංකාවේ සහ ජාත්‍යන්තරව ඇති ප්‍රධානතම මෝටර් රථ ගෙන්වා බෙදා හරින සමාගම් සමග මෙන්ම ප්‍රධාන තාක්ෂණික විද්‍යාල, ආයතන, පුහුණු ආයතන සමග සම්භන්ධතාවයක් දක්වන සහ දැනට ලංකාවේ පවතින මෝටර් රථ කර්මාන්තය පිලිබඳ නවතම දැනුමින් සන්නද්ධ සම්පත් දායකයින් සිටින තාක්ෂණික සඟරාවක්.
    රට රැකියාවක් සඳහා විදේශ ගත වීමට ඇති අවස්ථා මොනවාද?
    පිළිගත් මෝටර් රථ පාඨමාලාවක් හැදෑරීමෙන් පසුව සහ විදේශීය සමාගම් වල පහත රැකියා අවස්ථා තිබෙනවා .
    පිළිවෙලින් මෝටර් රථ කාර්මමික ශිල්පී,මෝටර් රථ විදුලි ශිල්පී, මෝටර් රථ වායු සමීකරණ ශිල්පී / මෝටර් රථ වැද්දුම් සහ පින්තාරු ශිල්පී / වැඩ මූලික (Foreman) / සේවා උපදේශක / සේවා ඉංජිනේරු /සේවා කළමනාකරු මෙන්ම ඊටත් වැඩ ඉහල තනතුරු වලටත් යොමු වීමේ හැකියාව තිබෙනවා.
    මෙහිදී දැක්විය යුතු වැදගත් කරුණක් වන්නේ ඔබ ඔබේ පාඨමාලව අවසානයේ ලංකාවේ යම්කිසි කාලයක් යම් ආයතනයක වැඩ කලත් ඇතැම් විට ඔබට මැද පෙරදිග රටකට හෝ යුරෝපියානු රටකට එක් වරම වැඩ මූලික සහ ඊට ඉහල තනතුරු වලට යොමු වීමේ හැකියාවක් නම් මෝටර් රථ කර්මාන්තය තුල නැති බව. ඔබට බොහෝ විට විදේශ ගත විය හැක්කේ තාක්ෂණික ශිල්පියෙකු ලෙසමයි. හේතුව නම් ඔවුන් පෙර කිවූ තනතුරු සඳහා එම ආයතන වලට තාක්ෂණික ශිල්පීන් ලෙස බැඳුනු සේවකයින් ක්‍රමයෙන් ජෙෂ්ඨත්වය මත ඉහල තනතුරු වලට යොමු කිරීමයි.
    මෝටර් රථ පාඨමාලාවක් හැදෑරීමෙන් පසුව විදේශ ගත වීමට ඇති අවස්ථා මොනවාද? අත්දැකීම් අවශ්‍යද?
    ඔචු. පාඨමාලාවක් අවසානයේම ඔබට විදේශ රැකියාවක් සදහා යොමු වන්න අපහසුයි. යම් කිසි කාලයක් ඔබට ලංකාවේ ආයතනයක රැකියාව කල යුතු වනවා.හේතුව නම් ඔබට කර්මාන්තයේ අත්දැකීමක් නොමැති වීම. නමුත් ඔබේ පාඨමාලාවේ තත්වය මත මෙය වෙනස් විය හැකියි. ඔබ අවුරුදු 2-3 වඩා ඇති පූර්ණ කාලීන පාඨමාලාවක් අවසන් කර ඇති තත්වය තුල ඇතැම් විට ඔබට අත්දැකීම් නොමැති වුවද රට රැකියා සම්මුඛ පරීක්ෂණයේදී අවස්ථාවක් හිමිවිය හැකියි.
    නිවැරදිව පාඨමාලවක් තෝරා ගන්නේ කෙසේද යන්න අපගේ මාර්ගෝපදේශ ලිපිය 1 මගින් ඔබට අප කරුණු කියා දුන් බව මතක ඇති.
    විදේශ රැකියාවක් සඳහා විදේශ ගත වීමට හැකි රටවල් මොනවාද?
    ප්‍රධාන වශයෙන් මෝටර් රථ කර්මාන්තයේ විදේශ රැකියා කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්.
    1. මැද පෙරදිග රටවල්
    2. යුරෝපියානු රටවල්
    ඔබේ දැනුවත් වීම සඳහා මෙම රටවල් දෙකේ වෙනස අපි පැහැදිලි කර දෙන්නම්. ඔබේ ඉදිරි අරමුණ අනුව තමන් විදේශ ගත විය යුත්තේ කුමන රටකටද යන්න ඔබටම තීරණය කරන්න පුළුවන්. ඒ සඳහා අපි යම් මග පෙන්වීමක් ලබා දෙන්නම්.
    මෝටර් රථ කර්මාන්තය සඳහා ප්‍රමුඛ පෙලේ මැදපෙරදිග සහ යුරෝපියානු රටවල්
    මැදපෙරදිග රටවල් ලෙස ඩුබායි / කටාර් / අබුඩාබි / සවුදි / කුවේට් / යේමන් හදුන්වා දෙන්න පුළුවන්
    යුරෝපියානු රටවල් ලෙස ඔස්ට්‍රේලියාව /නවසීලන්තය / කැනඩාව සහ මීට අමතරව ජපානයද මේ වන විට ඉදිරියට එමින් පවතිනවා
    මැද පෙරදිග රටවල් වල වැටුප්
    වැටුප පිළිබඳව සඳහන් කිරීමේදී මැදපෙරදිග රටකදී නම් තාක්ෂණික ශිල්පියෙකුට රු. 80000 – 150000 අතර වැටුපක් (අදාළ සමාගම මත) හිමිවනවා. ඊට ඉහල තනතුරු සඳහා ක්‍රමයෙන් වැඩි වැටුප් හිමි වනවා.
    මැද පෙරදිග රටවල් වල ඇති වාසි සහ අවාසි
    අප සඳහන් කල පරිදි මැද පෙරදිග රටවල් වල වැටුප් පරිමාණය වගේම අනෙකුත් කරුණු සහ එම රටවල වාසි සහ අවාසි පිළිබඳවත් අප දැනගත යුතු වෙනවා. මැද පෙරදිග රටක ඇති ප්‍රධානම වාසිය වන්නේ ඔබට යම් කිසි මුදලක් ඉතුරු කරගැනීමට හැකි වීම. එම රටවල වියදම් බොහෝ අවම වීම මෙයට හේතු වනවා. එමෙන්ම එම රටවල පවතින ඇතැම් නීති නිසා ඔබට ඔබේ මුදල් වියදම් කිරීමේ ඉඩකඩ ද බොහෝ විට අඩු වනවා. ඔබේ අරමුණ රට රැකියාවෙන් පසු ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නම් මැද පෙරදිග රටක් ඔබේ පළමු විදේශ රැකියාව සඳහා තොරා ගැනීම ඉතාම වැදගත්. මෙම වාසිය ඔබට යුරෝපියානු රටකට ගොස් ලබා ගන්න අපහසුයි.
    මෙහිදී සඳහන් කල යුතු තවත් වැදගත් කරුණක් වන්නේ මැද පෙරදිග රටවලත් සාපේක්ෂ වශයෙන් වියදම් අධික සහ අවම රටවල් ලෙස කොටස් දෙකක් පවතින බව. සාපේක්ෂව අනෙක් රටවලට වඩා ඩුබායි හි වියදම තරමක් වැඩියි.
    මැද පෙරදිග රටවල අවාසි ලෙස ප්‍රධාන වශයෙම්ම එහි දේශගුණය සකන්න පුළුවන්. බොහොමයක් රටවල් ඉතා උෂ්ණ අධික රටවල්. කෙසේ වුවත් බොහොමයක් ආයතන සම්පූර්නයෙම්ම වායුසමනය කර ඇති නිසා වැඩ කරන කාලය තුල එය ගැටළුවක් වන්නේ නැහැ.
    යුරෝපියානු රටවල් වල වැටුප්
    වැටුප පිළිබඳව සඳහන් කිරීමේදී යුරෝපියානු රටකදී නම් තාක්ෂණික ශිල්පියෙකුට රු. 150000 – 350000 අතර වැටුපක් (අදාළ සමාගම මත) හිමිවනවා. ඊට ඉහල තනතුරු සඳහා ක්‍රමයෙන් වැඩි වැටුප් හිමි වනවා
    යුරෝපියානු රටවල් වල ඇති වාසි සහ අවාසි
    බොහෝ දෙනෙක් යුරෝපියානු රටවලට යෑමට වැඩි කැමැත්තක් දක්වනවා. කෙසේ වුවත් මෙහි ඇත්ත තත්වය තරමක් වෙනස්. අප පෙරදී සඳහන් කල පරිදි ඔබට ඉතා ඉහල වැටුපක් ලැබුනත් ඔබට මුදල් ඉතිරි කර ගැනීමේ වැඩි ඉඩක් නම් එම රටවල නැහැ. හේතුව නම් විදේශ විනිමය අනුපාත අනුව අපට එම රටවල වැටුප ඉතා ඉහල ලෙස පෙනුනත් ඇත්තෙම්ම එම රටවල එම වැටුප සාමාන්‍ය වැටුපක්. එමෙන්ම එම රටවල වියදම්ද ඉතා අධිකයි. ඒ වගේම ඔබේ මුදල් වියදම් කිරීමේ ඉඩකඩ ද බොහෝ විට වැඩි මට්ටමක පවතිනවා. නමුත් යුරෝපියානු රටවල රටක් ලෙස සෑම පහසුකමක්ම පවතින නිසා ඔබට ඔබේ ජීවන තත්වය ඉහල මට්ටමක පවත්වා ගත හැකියි.
    මෙහිදීද සඳහන් කල යුතු තවත් වැදගත් කරුණක් වන්නේ යුරෝපියානු රටවලත් සාපේක්ෂ වශයෙන් වියදම් අධික සහ අවම රටවල් ලෙස කොටස් දෙකක් පවතින බව. සාපේක්ෂව අනෙක් රටවලට වඩා ඕස්ට්‍රේලියාවේ වියදම තරමක් වැඩියි.
    විදේශ රටකදී සේවය කරන ආයතනය තෝරා ගන්නේ කෙසේද?
    ඔවු. අනෙක් කරුණ වන්නේ ඔබ ඉහත රටවල් කොටස් දෙකෙන් කුමන කොටසකට ගියත් එසේ සේවය සඳහා යන්නේ කුමන ආයතනයටද යන්න තෝරා ගැනීම දක්වන්න පුළුවන්. මෙහිදීද එම ආයතන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්
    1. වාහන නියෝජිත ආයතන
    2. සාමාන්‍ය වාහන අලුත්වැඩියා කරන ආයතන
    මෙහිදී වාහන නියෝජිත ආයතන ලෙස සලකන්නේ මවු සමාගමෙන් තම රට වෙත වාහන නිල වශයෙන් ගෙන්වා බෙදා හරින ආයතනයි. උදාහරණයකින් පැහැදිලි කරනවා නම් ලංකාවට ජපානයේ ටොයෝටා සමාගමෙන් ටොයෝටා වාහන ගෙන්වා ගෙන්වා බෙදා හැරීමට බලය ලත් එකම ආයතන ලංකාවේ පිහිටි ටොයෝටා ලංකා සමාගමයි.නමුත් එම ආයතනයෙන් පිට වෙනත් අයෙකුට වුවත් ජපානයේ ටොයෝටා සමාගම හරහා නොගොස් ලංකාවට ටොයෝටා වාහන ගෙන්විය හැකියි. කෙසේ උවත් මෙහිදී බලය ලත් වාහන නියෝජිත ආයතනය ලෙස හදුන්වන්නේ නිල වශයෙන් නිෂ්පාදන සමාගමෙන්ම තම රට වෙත වාහන ගෙන්වා බෙදා හරින ආයතනයි.
    මෙහෙදී අප ඔබට ඉතාම තදිම්ම යෝජනා කරනු ලබන්නේ ඔබ කුමන රටකට ගියත් ඉහතින් සඳහන් කරන ලද වාහන නියෝජිත ආයතනයක්ම තෝරාගන්නා ලෙස.
    මෙයට හේතු ලෙස කරුණු කිහිපයක් සදහන් කරන්න පුළුවන් බොහොමයක් එම ආයතන එම රට තුල පිළිගත් ආයතන වෙනවා. නිසි ආකාරව සේවකයින් සදහා මුලික පහසුකම් සපයන එමෙන්ම ප්‍රවාහන පහසුකම් / නවාතැන් සහ රෝහල් පහසුකම් මෙම ආයතන තුලින් බලාපොරොත්තු විය හැකියි. එමෙන්ම දිනයේ සේවා කාලය සහ වැටුප් ගෙවීම් ඔබ සම්මුඛ පරීක්ෂණයේදී එකඟ වු අකාරයෙම්ම බොහෝ විට ලැබෙනවා.ඔවුන් සතුව මානව සම්පත් අංශයක් පවතින නිසා ඔබේ රැකියාව සම්භන්ද ගැටලුවකදී වුවත් ඔබට සහනයක් සැලසෙන අකාරයට ගැටලුව විසදීමේ හැකියාව මෙම ආයතන සතු වනවා. ඔබ රට රැකියාවෙන් පසුව නැවත ලංකාවට පැමිණ ලංකාවේ රැකියාවක් ලබා ගැනීමට යාමේදීද මෙය බොහෝ සෙයින් වැදගත් වනවා. එමෙන්ම ඔබේ වෟත්තීයමය පිළිගැනීමද විදේශයකදී නියෝජිත ආයතනයක රැකියාව කර තිබීමෙන් ඉහල නංවා ගත හැකියි.
    විදේශ රටවල සාමාන්‍ය වාහන අලුත්වැඩියා කරන ආයතන වුවත් ඉතා විශාල සමාගම් වන අවස්ථා නැතුවා නොවෙයි. නමුත් පෙර කිවූ ලෙස සෑම අතින්ම නියෝජිත ආයතනයක්ම තෝරා ගැනීමේ වාසි වැඩි මට්ටමක් පවතිනවා.
    මෝටර් රථ රැකියාවලට යොමු කරන ලංකාවේ විදේශ රැකියා නියෝජිත ආයතනය (Agency) තෝරා ගැනීම කරන්නේ කෙසේද?
    ඔවු. මෙයත් ඉතා වැදගත් ප්‍රශ්නයක්. අප ඉහත සඳහන් කල වාහන නියෝජිත ආයතන වලට හෝ සාමාන්‍ය වාහන අලුත් වැඩියා කරන ආයතන වලට ලංකාවේ සිට සේවකයින් යොමු කරන විදේශ රැකියා ආයතන බොහොමයක් පවතිනවා. සමහර ආයතන ඔබෙන් යම්කිසි මුදලක් ඉල්ලා සිටිනවා එම රැකියාවට යොමු කිරීමේදී. කෙසේ වුවත් ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ගාස්තුව පමණක් ලබා ගන්නා ආයතන ලංකාවේ පවතිනවා. බොහෝ විට එම ආයතන වල නාමයන් ඔබට නිතර දෙවේලේ නොඇසෙන නම් වන්නට පුළුවන්. නමුත් ඉතා දිගු කලක පටන් එම ආයතන වලින් තාක්ෂණික ශිල්පීන් රට රැකියා සඳහා ගොස් තිබෙනවා. ඔබට මේ පිළිබඳව වැඩි විස්තර අවශ්‍ය නම් අපගේ වෙබ් අඩවිය හෝ ෆේස්බූක් පිටුව ඔස්සේ අප අමතන ලෙස ඉල්ලා සිටිනවා. අප ඔබට නොමිලේ තවදුරටත් මග පෙන්වන්නට සූදානම්.

Disclaimer

This Webpage is continued for your personal appreciation or educational conscient purposes only. All Content of this webpage is published by extracting the information from online sources such as government official websites and other websites etc. The copyrights of these contents belong to the responsible owners. If a modification will happen in these information, our website does not assume any responsibility.