best html templates
Please inform us abour your ewent or 
Home  >   [Information Corner]  >   Topical Article  >  Page - 1

තාක්‍ෂණික ශිල්පී ඔබට සෙත සලසන NVQ සහතිකය

NVQ සහතිකය වැඩ කිරීමේ හැකියාව මත පිරිනමන සහතිකයකි.මෙතෙක් කල් සුදුසුකම් ලබා ගත හැකිවුයේ පාසලක හෝ පුහුණු මධ්‍යස්ථානයක පාඨමාලාවක් හැදෑරීමෙන් පමණී.නමුත් මෙම ක්‍රමය මඟින් වැඩ බිමද,කර්මාන්ත ශාලාවද,කාර්යාලයද අධ්‍යාපනය හා පුහුණුව ලබන ස්ථාන ලෙස පිළිගැනෙන අතර එසේ වැඩ කිරීම තුළින් ලබන නිපුණතාවය හා දැනුම මත NVQ සහතික ලබා ගත හැක.මේනිසා රැකියාව කරන අතර ක්‍රමයෙන් ඉහළ මට්ටමේ වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට කාර්මික ශිල්පීන්ට අවස්ථාවක් ලැබෙනු ඇත."ජාතික නිපුණතා සම්මතය" ප්‍රසිද්ධ ලේඛනයක් වන හෙයින් එක් එක් NVQ සහතිකයට අදාළ දැනුම හා නිපුණතාවය පිළිබඳව සියලුම සේවා යෝජකයින් දැනුවත් වනු ඇත.

සැලසුම සහ ක්‍රියාත්මක කිරීම
ශ්‍රී ලංකාවේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම, රජ්‍ය අංශයේ වු කාර්මික අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ආයතනය,නිපුණතා සංවර්ධන ව්‍යපෘතිය හා එක්ව වෘත්තීය හා කාර්මික පුහුණු අමාත්‍යංශයේ මඟ පෙන්වීමට අනුව ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව යනුවෙන් මට්ටම් 7කින් යුත් ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවක් හඳුන්වාදීම සඳහා මුලික පියවරයන් මේවන විට ගෙන ඇත. දියුණු හා දියුණු වෙමින් පවතින රටවල් බොහොමයක් මෙම ක්‍රමය අනුව වෘත්තීය නිපුණතාවයන් වර්ගීකරණය කර එම ක්‍රමය භාවිත කරමින් පවතී.
NVQ මට්ටම
එක් එක් වෘත්තියට අදාළ කාර්යය පරාසය එම කාර්යන් ඉටු කිරීමෙහිලා අදාළ වන්නාවු දැනුම හා එම කාර්යය ඉටු කරන පුද්ගලයා හා සතුව පවත්නා ප්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් පවතින වගකීම යන කරුණු මෙම සුදුසුකම්වල මට්ටම් 7 හඳුනා ගැනීම සඳහා සලකා බලා ඇත.
1 වන මට්ටම -මුලික හා ආරම්භක හැකියාවන් ඇති ශිල්පීන්
2 වන මට්ටම -නිරන්තර අධික්ෂණය යටතේ ක්‍රියා කරන ශිල්පීන්
3 වන මට්ටම -සුළු මට්ටමක වු අධික්ෂණයක් යටතේ ක්‍රියා කළ හැකි ශිල්පීන්
4 වන මට්ටම -ස්වාධිනව කටයුතු කළ හැකි ශිල්පීන් 
5 වන මට්ටම -සුපරීක්ෂක වරුන්
6 වන මට්ටම -කළමණාකරුවන්
7 වන මට්ටම -සැළසුම්කරුවන් 7 උපාධි මට්ටම  
NVQ සහතික ලබාගත හැකි ක්‍රම 
1. RPL - පෙර දැනුම මත සහතිකයක් 

  • සුදුසුකම් වලට අදාළ නිපුණතා ක්ෂේත්‍රයන්හි සඳහන් වන කාර්යයන් නිපුණතා සම්මතයෙහි දැක්වෙන අන්දමට ඉටු කිරීමට හැකිබව සාක්ෂි සමඟ ඹප්පු කොට දැක්වීමට හැකිනම් සුදුසුකමට අදාළ NVQ සහතිකයක් ලබාගත හැක.මෙය පෙර දැනුම හැඳිනීම ලෙස හැඳින්වේ.(RPL)

2. CBT - පුහුණු ආයතනයක් හරහා විධිමත් පුහුණුවකින් අනතුරුව NVQ සහතිකයක් 

  • ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය(NAITA) සහ පුහුණු මධ්‍යස්ථාන 
  • වෘත්තීය පුහුණු අධිකාරිය(VTA) සහ පුහුණු මධ්‍යස්ථාන
  • ජාතික තරුණ සේවා සභාව (NYSE) පුහුණු මධ්‍යස්ථානය
  • කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්මික විද්‍යාල (DTET) තාක්ෂණ විද්‍යාල 

 NVQ සහතික පිරිනමක්නේ කවුද?
CBT පාඨමාලාවක් හදාරා ලබා ගන්නා NVQ සහතිකය තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් හා පුහුණු ආයතන‍යේ අධ්‍යක්ෂ අත්සනින් පිරිනමනු ලැබේ.
රැකියාස්ථ පුහුණුව හෝ රැකියාව තුළින් ලබන නිපුණතාවය සඳහා RPL ඇගයීමේ ක්‍රමය අනුව ලබන සුදුසුකම සඳහා NVQ සහතික තෘතීයික හා වෘත්තීය අධ්‍යපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් හා NAITA ආයතනයේ අධ්‍යක්ෂ අත්සනින් පිරිනැමෙනු ඇත.
NVQ ඇගයීම
NVQ ඇගයීමට සුදානම් වීම
මේ සඳහා පළමුව කළ යුත්තේ TVEC හෝ LRDC හෝ මඟින් වෘත්තියට අදාළ ජාතික නිපුණතා සම්මතයන් ලබා ගැනීමයි.ඔබ ලබා ගැනීමටඅවශ්‍ය වෘත්තීය සුදුසුකමට අවශ්‍ය නිපුණතාවයන් එහි දැක්වෙන අතර එම නිපුණතාවයන් ලබා ඇති බව තහවුරැ කිරීම සඳහා සාක්ෂි ඔබ විසින් ගොනු කළ යුතුවේ.
RPL ක්‍රමය මඟින් NVQ සහතිකයක් ලබා ගැනීමට ඉදිරිපත් කළ යුතු සාක්ෂි
  • ප්‍රවීන අධීක්ෂණ නිලධාරියෙකු විසින් සහතික කරන ලද පුහුණුව / රැකියාවට අදාළ ලබාගත් නිපුණතාවයන් තහවුරැ කරන දෛනික වාර්තා
  • තමාගේ නිර්මාණ හා වැඩ ආදර්ශන
  • තම නිපුණතාවයන් තහවුරැ කෙරෙන සේවා සහතික
  • වෘත්තියේ ප්‍රවීනයන් විසින් ඉදිරිපත් කරන නිර්දේශ
  • පහුණුව/රැකියාවට අදාළ කාර්යයන් කෙරෙන ආකාරයන් පිළිබිබු වන දෘෂ්‍ය තැටි
  • කාර්යයන් කිරීම නිරීක්ෂණයට ලක්කිරීම
  • ප්‍රායෝගික/න්‍යයායික නිරික්ෂණ
NVQ ඇගයීමක් සඳහා ඉල්ලුම් කිරීම
RPL ක්‍රමය සඳහා NAITA ආයතනයේ NVQ අංශයට ඔබ විසින් ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතුවේ.එහිදී ඇගයීම් ගාස්තු NAITA ආයතනයෙන් දන්වනු ඇත.
පුහුණු ආයතනයක් හරහා NVQ සහතිකය ලබා ගැනීමේදී එම ආයතනය විසින් NAITA ආයතනයට හෝ TVEC ආයතනයට ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් විසින් ඇගයුම්කරුවන් / පරීක්ෂක වරුන් පත් කෙරේ.

NVQ ඇගයිමේ පියවර
1. NAITA විසින් ඔබගේ නිපුණතාවයන් ඇගයීම සඳහා ඇගයීම් නිලධාරින් දෙදෙනෙකු පත් කරනු ඇත.
2. ඉන්පසු ඇගයීම් නිලධාරින් දෙදෙනාගෙන් එක් අයෙකු විසින් පෙර ඇගයීම් උපදෙස් ලබාදීම සඳහා ඔබට කැඳවීමක් කරනු ඇත.
3. ඉන්පසු ඇගයීම් නිලධාරියාගේ හා ඔබගේ එකඟතාවය මත පහසු දිනයකදී නිපුණතා පිළිබඳ සාක්ෂි,ලිපි ගොනු පරීක්ෂා කිරීම,ප්‍රායෝගිකව වැඩ කිරීම නිරීක්ෂණය කිරීම හා සාක්ෂි ප්‍රබල නොවන අවස්ථාවලදී ප්‍රායෝගික හා න්‍යායික පරීක්ෂණයක් පැවත්වීම සිදු කරනු ඇත.
NVQ ක්‍රමයේ වාසි
  • කාර්මික ශිල්පීන්ට අත්වන වාසි
1. NVQ සහහතිකය පුහුණු සහතිකයක් නොවේ.එය ඔබ සතුව පවත්නා නිපුණතාවයන් තහවුරැ කෙරෙන සහතිකයකි.මෙම සහතිකය මඟින් අදාළ නිපුණතාවයඇති බවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් තහවුරැ කරනු ඇත.
2. පළපුරැද්ද, අද්දැකීම හා උනන්දුව මත අදාළ නිපුණතාවයන් ලබා ගැනීමෙන් මෙම රාමුවේ ඉහළ මට්ටම් වල ඇති සුදුසුකම් ලබා ගැනීමට හැකිවීම.
3. NVQ ක්‍රමය ජාත්‍යන්තර වෘත්තීය නිපුණතා ඇගයීමේ ක්‍රමයක් බැවින් විදෙස් රැකියා ලබා ගැනීමේ වැඩි 
4. නිපුණතා සම්මත වෘත්තීය ප්‍රවීනයන්ගේ දායකත්වයෙන් සකස් කරන හෙයින් එම නිපුණතාවයන් කර්මාන්තයේ සිදුකළ යුතු කාර්යයන් සමඟ ඉතා හොඳින් ගැලපේ.එම නිසා නිපුණතා සම්මතයන් මත පදනම් වු NVQ සහතිකලාභීන්ට රැකියා ලබා ගැනීමද වඩාත් පහසු වනු ඇත.

  • සේවා යෝජකයින්ට අත්වන වාසි
1. NVQ මඟින් සහතික කෙරෙන නිපුණතාවයන් කරමාන්තයට අවශ්‍ය නිපුණතාවන් සමඟ හොඳින්ගැලපෙන නිසා අවශ්‍ය නිපුණතාවයන්ගෙන් හෙබි කාර්මික ශිල්පීන් හඳුනා ගෙන ඔවුන් තම ආයතනයන්ට අනුයුක්ත කර ගැනීමටද වඩා පහසුවේ.
2. NVQ සහතිකලාභීන්ට ඉහළ මට්ටමේ සුදුසුකම් ලබා ගැනීම සඳහා උනන්දු වීම නිසා කාර්ය මණ්ඩලය වඩ වඩාත් සේවයට කැපවීම හා උනන්දු වීම.
3. ආයතනයන් වෙත සේවා දායකයින් බඳවා ගැනීම,ඔවුන් වෙත උසස් වීම් ලබා දීම හා වැඩි වැටුප් ප්‍රදානය කිරීම සඳහා NVQ ක්‍රමය භවිත කළ හැකිවීම.

NVQ ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙහිලා දායක වන රාජ්‍ය ආයතනයන් හා ඒවායේ ලිපිනයන්

වෘත්තීය හා කාර්මික පුහුණු අමාත්‍යංශය

"නිපුණතා පියස"

354/2,

ඇල්විටිගල මාවත,

කොළඔ 05.


තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව "නිපුණතා පියස"

3වන මහල,

354/2

ඇල්විටිගල මාවත,

කොළඔ 05.


ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධීකාරිය

971,ශ්‍රි ජයවර්ධනපුර මාවත,

වැලිකඩ,රාජගිරිය.


වෘත්තීය පුහුණු අධිකාරිය

"නිපුණතා පියස"

4වන මහල,

354/2,ඇල්විටිගල මාවත.

කොළඔ 05.


කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව
කොළඔ 10.



ජාතික තරුණ සේවා සභාව

65.හයිලෙවල් පාර.

මහරගම.


ශ්‍රිලංකා ජාතික කාර්මික අධ්‍යාපන ආයතනය

100,කඳවල පාර

රත්මලාන.


නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය

"නිපුණතා පියස"

බිම් මහල,

354/2,ඇල්විටිගල මාවත

කොළඔ 05.


අනාගතයට ගැලපෙන මෝටර් රථ තාක්‍ෂණික පාඨමාලාවක් මුදල් ඉතිරි කරගෙන තෝරා ගනිමු

ලංකාවේ සහ ජාත්‍යන්තරව පිළිගත් මෝටර් රථ තාක්ෂණික පාඨමාලාවක් ලංකාවේ නොමිලේ හැදෑරීම සඳහා මග පෙන්වීමක් ලබා දෙන ලෙස බොහෝ දෙනා අපගෙන් ඉල්ලීම් කර ඇති අතර ඒ වෙනුවෙන් මෙමෙ ලිපිය ඔබ වෙත ගෙන එනු ලබනවා.
ඇතැම් සිසු දරුවන් පාසල් අධ්‍යාපනයෙන් පසුව ඉතා විශාල මුදලක් වියදම් කර ඇතැම් මෝටර් රථ පාඨමාලා හදාරනවා. පාඨමාලාව අවසානයේ දේශීය හෝ විදේශීය රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයට ඔවුන් ඉදිරිපත් වනවා. එහිදී තමයි ඔවුන් දැන ගන්නේ තමන් හදාරන ලද පාඨමාලව පිළිගන්නේ නැහැ එසේත් නැත්නම් සුදුසු නැහැ කියල. ඒ හේතුව නිසා දැනට පවතින මෝටර් රථ කර්මාන්තයේ ඇත්ත තත්වයත් හැදෑරිය යුත්තේ කුමන ආකාරයේ පාඨමාලාවක් යන්නද පිලිබදවත් අප මෙයින් කරුණු කියා දෙන්නයි සූදානම.  

    ARC සඟරාව මෙවැනි ලිපියක් ගෙන එම සඳහා ප්‍රමාණවත් දැනුමකින් යුක්තද?


    ඔවු. ARC සඟරාව දැනට ලංකාවේ පත්වතින ප්‍රධානතම මෝටර් රථ ගෙන්වා බෙදා හරින සමාගම් සමග මෙන්ම ප්‍රධාන තාක්ෂණික විද්‍යාල, ආයතන, පුහුණු ආයතන සමග සම්භන්ධතාවයක් දක්වන සහ දැනට ලංකාවේ පවතින මෝටර් රථ කර්මාන්තය පිලිබඳ නවතම දැනුමින් සන්නද්ධ සම්පත් දායකයින් සිටින තාක්ෂණික සඟරාවක්.

    මෝටර් රථ පාඨමාලාවක් හැදෑරීමෙන් පසුව තිබෙන රැකියා අවස්ථා මොනවද?

    පිළිගත් මෝටර් රථ පාඨමාලාවක් හැදෑරීමෙන් පසුව දේශීය සහ විදේශීය සමාගම් වල පහත රැකියා අවස්ථා තිබෙනවා .
    පිළිවෙලින් මෝටර් රථ කාර්මික ශිල්පී,මෝටර් රථ විදුලි ශිල්පී, මෝටර් රථ වායු සමීකරණ ශිල්පී / මෝටර් රථ වැද්දුම් සහ පින්තාරු ශිල්පී / වැඩ මූලික (Foreman) / සේවා උපදේශක / සේවා ඉංජිනේරු /සේවා කළමනාකරු මෙන්ම ඊටත් වැඩ ඉහල තනතුරු වලටත් යොමු වීමේ හැකියාව තිබෙනවා.

    එවැනි තනතුරු වල වැටුප කොපමණද?

    ලංකාවේ පිළිගත් සමාගම් වල නම් පාඨමාලාව අවසානයේ මෝටර් රථ කාර්මික ශිල්පියෙකුට (අත්දැකීම් නොමැති තත්වය තුල) රු.15.000 – 20.000 මූලික වැටුපකින් ආරම්භ වී රු. 50.000 – 60.000 අතර වැටුපක් දක්වා යොමු වන්න පුළුවන්. අනෙකුත් තනතුරු සඳහා පිලිවෙලින් ඊට වඩා වැඩි වැටුපක් හිමිවනවා. මෙහිදී දැක්විය යුතු වැදගත් කරුණක් වන්නේ ඔබේ පාඨමාලව අවසානයේ ඔබට එක් වරම වැඩ මූලික සහ ඊට ඉහල තනතුරු වලට යොමු වීමේ හැකියාවක් නම් මෝටර් රථ කර්මාන්තය තුල නැති බව. ඔබ පටන් ගත යුත්තේ තාක්ෂණික ශිල්පියෙකු ලෙසමයි. එමෙන්ම පිට රටකදී නම් මෙය කොටස් දෙකකින් යුක්ත වනවා. මැද පෙරදිග රටක නම් තාක්ෂණික ශිල්පියෙකුට රු. 80000 – 250000 අතර වැටුපක් (අදාළ සමාගම මත) සහ යුරෝපියානු රටක නම් 200000 – 300000 අතර හෝ ඊට වැඩි වැටුපකුත් හිමිවනවා.

    පිළිගත් මෝටර් රථ පාඨමාලාවක කාලය කොපමණද?

    මෙය ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. එමෙන්ම මෙය හරි හැටි තේරුම් නොගෙන අතරමං වන පිරිස ඉතාම වැඩියි.
    දේශීයවත් ජාත්‍යන්තරවත් පිලිගනු ලබන්නේ අවම වශයෙන් අවු 2 හෝ එසේත් නැත්නම් අවු 3 පූර්ණ කාලීන පාඨමාලවක් බව අප වගකීමෙන් ප්‍රකාශ කර සිටිනවා. (අවුරුද්දක කාලයක් පුහුණු ආයතය තුල සිද්ධාන්තික කරුනුත් වෙනත් පුද්ගලික ආයතනයක වසර 2 වැනි කාලයක් ප්‍රායෝගික පුහුණුවත් වන ලෙස) පූර්ණ කාලීන යන්නේන් අදහස් වන්නේ සතියේ දවස 5 ම ඔබ පාඨමාලව එම අවු 2 හෝ 3 පුරාවට සිදු කරන බවයි..
    අනෙක් ඉතාම වැදගත් කරුණ වන්නේ එම පූර්ණ කාලීන පාඨමාලවේ ප්‍රායෝගික පුහුණු කාලය. මෙතැනදී ප්‍රායෝගික පුහුණු කාලය යන්නෙන් අදහස් වන්නේ යම් පුහුණු ආයතනයක ඇතුලත පුහුණුව ලබා වැඩි දුර පුහුණුව සඳහා යම් පුද්ගලික ආයතනකට යොමු කිරීම. අතීතයේ නම් මෙවැනි ප්‍රායෝගික පුහුණුව සඳහා රාජ්‍ය ආයතන (උදා - බස් ඩිපෝ වැනි ) වලට යොමු කරත් වර්තමානයේ එවැනි ආයතන වල අලුත් දැනුමක් ඇත්තේම නැති නිසා දැන් අනිවාර්යෙන් පිළිගත් මෝටර් රථ ගෙන්වා බෙදා හරින සමාගමක් තොර ගත යුතු වනවා.
    අනෙක් කර්මාන්ත කෙසේ වුවත් ඔබට මෝටර් රථ තාක්ෂණය සහ නඩත්තුව පිළිබඳව හොදින් හොදින් අවබෝධ කර ගන්න නම් එම වසර 2 ක් පමණ වන ප්‍රායෝගික පුහුණු කාලය ඉතාම වැදගත්.

    ඇතැම් පාඨමාලා වල කාලය අවුරුද්දක්. මාස හයක් එම පුහුණු ආයතනය තුලත් වෙනත් පුද්ගලික ආයතනයක ප්‍රායෝගික පුහුණුව සඳහා කාලය මාස හයක් වන ලෙසත්. මෙය ප්‍රමාණවත්ද?

    නැහැ. කිසිසේත් ප්‍රමාණවත් නැහැ. ඉතා හොද ප්‍රායෝගික දැනුමක් නොමැතිව NVQ මට්ටම් 4,5 සහ ඉන් ඔබ්බට අධ්‍යාපනය ලැබුවත් ලංකාවේ පිළිගත් සමාගම් හෝ විදේශ සමාගම් වල සම්මුඛ පරීක්ෂණ වලදී වැඩි වශයෙන් සලකා බලන්නේ ඔබ වැඩ හලක (Company Workshop) කොපමණ කාලයක් ප්‍රායෝගික පුහුණුව ලබා ඇතිද යන්න වන නිසා අඩුම වශයෙන් අවුරුදු දෙකක පූර්ණ කාලීන පාඨමාලාවක් වත් NVQ මට්ටම් 4 සඳහා තොර ගත යුතු වනවා. දැනට පවතින නවීන මෝටර් රථ තාක්ෂණය මත ඔබට මාස හයකින් මෝටර් රථයක් නඩත්තු කිරීම තබා ඒ පිළිබවද මූලික අවබෝධය වත් ලබා ගන්න බැහැ. හුගක් සිසු දරුවන් මේ ගැන දැන ගන්නේ පිළිගත් මෝටර් රථ සමාගමක සම්මුඛ පරීක්ෂණයේදී. එසේත් නැත්නම් එහිදී ලබා දෙන ප්‍රායෝගික පරීක්ෂණයේදී. කනගාටුවට කරුණ නම් අවුරුද්දකට අඩු පාඨමාලාත් විශාල මුදලකුත් අය කරගෙන පවත්වා ගෙන යාම.

    ලංකාවේ සහ ජාත්‍යන්තරව පිළිගත් මෝටර් රථ තාක්ෂණික පාඨමාලාවක් ලංකාවේ හැදෑරීම සඳහා පිළිගත් ආයතන තිබෙනවද?

    ඔවු. ඇත්තටම ලංකාවේ මෝටර් රථ තාක්ෂණික දැනුම ලබාදෙන පිළිගත් ආයතන පුහුණු ආයතන තිබෙන්නේ අද ඊයෙක පටන් නෙවෙයි.එයට දිගු ඉතිහාසයක් තිබෙනවා. එමෙන්ම ඒවා රාජ්‍ය ආයතන.එමෙන්ම ලංකාවේ පිළිගත් මෝටර් රථ තාක්ෂණික අධ්‍යාපනය ලබා දෙන ආයතන බොහොමයක් එම පාඨමාලාවන් සිදු කරන්නේ කිසිදු මුදලක් අය කර නොගෙන බවත් මතක් කරන්න අවශ්‍යයි. හුගක් සිසු දරුවන් මේ පිළිබඳව දන්නෙත් නැහැ.

    එම ආයතන ගැන සඳහන් කරන්න පුලුවන්ද?

    ඔවු. යුගයේ අවශ්‍යතාව මත ඒ ගැන සඳහන් කරන්නම්. මේ ආයතන රාජ්‍ය ආයතන. එමෙන්ම මුදලක් අය කර ගන්නෙත් නැහැ. පිළිගැනිම මත පිලිවෙලින් එම ආයතන පහතින් පෙළ ගස්වා තිබෙනවා.
    1. මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය - (AETI – Japan Tec)
    2. ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය (CGTTI – German Tech)
    3. මෝටර් රථ පාඨමාලා පවත්වන දිස්ත්‍රික්ක ගත කාර්මික විද්‍යාල (Technical College)
    4. මෝටර් රථ පාඨමාලා පවත්වන වෘත්තීය පුහුණු අධිකාරියේ මධ්‍යස්ථාන (VTA)
    ඉහත ආයතන වල පුහුණුවෙන් පසුව ලබා දෙන සහතිකය මොකක්ද?
    ඉහත 1 සහ 2 ආයතන මගින් NVQ 4 පාඨමාලා පවත්වනවා.
    ඉහත 3 සහ 4 ආයතන මගින් NVQ 4 මට්ටමට මෙන්ම NVQ 3 මට්ටමේ පාඨමාලා පවත්වනවා.
    ඔබ දන්නවා ඇති දැනටමත් NVQ සහතිකය පිළිබඳව. NVQ සහතිකය ලබා දෙන්න පටන් ගත්තේ 2007 වසර පටන්. ඊට කලින් ආරම්භ වූ ඉහත ආයතන තම ආයතනයේ සහතිකය සමග NVQ සහතිකයද පිරිනමනු ලබනවා. කෙසේ වුවද මූලික ආයතනික පුහුණුවෙන් පසු ප්‍රායෝගික පුහුණව සඳහා පිළිගත් මෝටර් රථ සමාගමක් සොයා ගැනීම ඔබේ ඉදිරි ගමනට රුකුලක් බවත් මතක් කල යුතුයි. (පෙර සඳහන් කල ලෙස පිළිගත් මෝටර් රථ සමාගමක අවම වශයෙන් අවු 1.5 හෝ ඊට වැඩි ප්‍රායෝගික පුහුණුවක් සමගින්)

    ඇතැම් ආයතන වල NVQ 3 සහ NVQ 4 ලෙස පාඨමාලා පවත්වනවා. මේ දෙකේ වෙනස මොකක්ද?

    ඔවු. ඔබ මෝටර් රථ කර්මාන්තයේ දිගු ගමනක් කෙටි කලකින් යන්න අදහස් කරනවා නම එක්‌ වරම NVQ 4 පාඨමාලාවක් කරන එක සාර්ථකයි. NVQ 1 න් ආරම්භ වන මට්ටම NVQ 7 උපාධි මට්ටම දක්වා පවතිනවා. මෝටර් රථ කර්මාන්තයේ NVQ ආරම්භ වන්නේ මට්ටම් 3 න්. අප මෙහිදී කතා කරන මට්ටම 3 සහ 4 වශයෙන් බෙදී යාමට හේතුව උගන්නන විෂය මාලාව. ඔබ පාඨමාලාව හදාරන අතර තුර මෙම විෂය මාලාව ආයතනයෙන් ලබා ගෙන හෝ පහත සබැඳියෙන් ලබාගෙන එම කොටස් එම ආයතන සම්පූර්ණ කරනවාද යන්න අවධානයෙන් සිටීම අතිශය වැදගත්.


    මෝටර් රථ කර්මාන්තයේ මෝටර් රථ කාර්මික / මෝටර් රථ විදුලි ශිල්පී / මෝටර් රථ වායුසමීකරණ ශිල්පී යන වෘත්තීන් සඳහා මෙලෙස විෂය මාලා සකස් වී පවතිනවා. ඔබේ දැනුවත් වීම සඳහා මෝටර් රථ කාර්මික ශිල්පී විෂය මාලාවේ පමණක් ප්‍රධාන කොටස් (ඒකක) පහතින් දක්වන්න පුළුවන්. මෙම ඒකක නැවතත් මොඩියුල වශයෙන් කොටස් 26 බෙදී පවතිනවා. (පළමු සංස්කරණය)

    1. Repair engine cooling system
    2. Repair lubricating system
    3. Repair conventional petrol fuel system
    4. Repair conventional diesel fuel systems
    5. Repair conventional ignition system
    6. Overhaul engine (petrol / diesel)
    7. Repair manual transmission system
    8. Repair automatic transmission system
    9. Repair propeller shaft, final drive, drive shafts and axles
    10. Repair conventional braking system
    11. Repair conventional steering system
    12. Repair conventional suspension system
    13. Carry out wheel alignment and wheel balancing
    14. Service storage batteries
    15. Service petrol/ diesel electronic fuel injection and electronic ignition systems
    16. Service chassis electronic systems, including passenger safety & security systems

    ඉහත කොටස් 16 න් 1,2,3,4,5,6,7,8,9,10,11,12,14 යන කොටස් සම්පූර්ණ කිරීමෙන් මෝටර් රථ කාර්මික NVQ 3 මට්ටමද කොටස් 16 ම සම්පූර්ණ කිරීමෙන් මෝටර් රථ කාර්මික NVQ 4 මට්ටමද ලබා ගන්න පුළුවන්. මෙහි කොටස් 15 සහ 16 අතිශය වැදගත් කොටස්. අද වෙලදපොලේ පවතින රථයක අලුත්වැඩියා කිරීමට නම් මෙම කොටස් දෙක සිදු කල යුතුම වනවා. ඒ නිසයි අප NVQ 4 මට්ටම එක වරම කල යුතු යයි උපදෙස් ලබා දෙන්නේ. අප මුලින් සඳහන් කල අවු. 1 ක පාඨමාලා වල මෙම කොටස් සම්පූර්ණ වන්නේත් නැහැ. එය සම්පූර්ණ කිරීමට කාලය ප්‍රමාණවත් වන්නේත් නැහැ.අනෙකුත් කොටස් නොමැතිව එම කොටස් පමණක් සම්පූර්ණ කිරීමේ හැකියාවක් ඇත්තෙත් නැහැ. අනෙකුත් මෝටර් රථ පාඨමාලා වල විෂය මාලාවන් අපගේ වෙබ් අඩවිය හරහා ලබා ගන්න පුළුවන්.
   
    NVQ 4 මට්ටමෙන් පසුව වැඩිදුර අධ්‍යාපනය ලන්බන්නේ කෙසේද?

    තවත් වැදගත් ප්‍රශ්නයක්. NVQ මට්ටම් 1 සිට 7 දක්වා ශ්‍රී ලංකාව තුල කාර්මික අධ්‍යාපනය ලබන්න හැකියාව පවතීනවා.
    NVQ 1 සිට 4 දක්වා - සහතික මට්ටම. – (කාර්මිකයින්)
    NVQ 5 ඩිප්ලෝමා මට්ටම - (සුපරික්ෂකයින් / සේවා ඉංජිනේරු වරුන්)
    NVQ 6 උසස් ඩිප්ලෝමා මට්ටම - (සුපරික්ෂකයින් / සේවා ඉංජිනේරු වරුන්)
    NVQ 7 උපාධි මටම - (කළමනාකරුවන්)
    NVQ 1 සිට 4 දක්වා අප සඳහන් කල පිළිගත් කාර්මික විද්‍යාල හෝ කාර්මික පුහුණු කිරීමේ ආයතන වලත් NVQ 5 සිට 6 දක්වා තාක්ෂණ විද්‍යාල (College of Technology - COT) තුලත් NVQ 7 මට්ටම රත්මලානේ පිහිටි තාක්ෂණ විශ්ව විද්‍යාලය තුලත් සම්පූර්ණ කල හැකියි.
    NVQ 4 මට්ටම සම්පූර්ණ කරන අතර තුර සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් (City & Guilds) වැනි පාඨමාලා මෙන්ම වෙනත් කෙටි කාලීන පාඨමාලා හදාරා ඔබේ දැනුම දියුණු කර ගැනීමද සිදු කල හැකියි.

    ඇතැම් පුහුණු ආයතන NVQ 5 පාඨමාලාවට NVQ 3 මට්ටමෙන් පසුව (NVQ 4 මට්ටම නොමැතිව) ඇතුලත් කර ගනු ලබනවා. එමෙන්ම උසස් පෙළ ප්‍රථිපල මතද NVQ 5 මට්ටමට කෙලිම්ම ඇතුලත් කරගනු ලබනවා මෙහි ඇති තත්වය කුමක්ද?

    මෙයත් ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. 2007 NVQ ආරම්භ කරනු ලැබුවේ කාර්මික අධ්‍යාපනය සම්මතයක් බවට පත් කර ආයතන මත පදනම් නොවී ඕනෑම ආයතනයකින් එක් පිළිගැනීමක් සහිත සහතිකයක් ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට. නමුත් අද වන විට මෝටර් රථ කර්මාන්තය තුල නම් ඒ තත්වය බිද වැටි තිබෙන බව කනගාටුවෙන් වුවත් සඳහන් කරන්න අවශ්‍යයි. හේතුව එක් එක් ආයතන වලට අවශ්‍ය පරිදි එම පාඨමාලා වල සම්පූර්ණ කාලය සහ විශේෂයෙන් එහි අන්තර්ගත ප්‍රයෝගික පුහුණු කාලය වෙනස් කිරීම. එනම් එක් ආයතනයක NVQ 4 සඳහා වසර 2 කුත් තවත් ආයතනයක NVQ 4 සදහා වසර 1 කුත් ලෙස ප්‍රයෝගික පුහුණු කාලය වෙනස් කිරීම ඉහත තත්වය ඇති වීමට හේතු වී තිබෙනවා.
    ඔබ දැනටමත් දන්නවා NVQ 5 මට්ටම ඩිප්ලෝමා මට්ටම බවත් එහි කර්මාන්තයේ රැකියාව සුපරීක්ෂක / අධීක්ෂක / සේවා ඉංජිනේරු වැනි තනතුරු බව. එම තනතුරෙන් බලාපොරොත්තු වන්නේ කාර්මිකයෙකුට නිවැරදි කිරීමට නොහැකි වූ මෝටර් රථ දෝෂයක් නිවැරදි කිරීමට මග පෙන්වීම ලබා දීම. එහෙත් පෙර කිවූ පරිදි NVQ 3 මට්ටමෙන් පසුව NVQ 5 මට්ටමට ඇතුලත් වන අයෙකුටත් ඇත්තේ මාස 6 ක වැනි කෙටි කාලයක ප්‍රායෝගික අත්දැකීමක්. ඔහුට කාර්මික ශිල්පියෙකු තරම් වත් දැනුමක් නොමැති තත්ත්වයකුයි ඇති වී තිබෙන්නේ.
    එබැවින් NVQ ක්‍රමය අනුව NVQ 3 සම්පූර්ණ කිරීමෙන් පසුව වුවද NVQ 5 මට්ටමට ඇතුලත් විය හැකි වුවද අප මුලින් සඳහන් කල විෂය මාලාවත් ප්‍රයෝගික පුහුණු කාලයත් මත විශේෂයෙන් මෝටර් රථ කර්මාන්තය තුල සාර්ථකව දිගු ගමනක් කෙටි කාලයකින් යාමට නම් ඔබ ප්‍රථමයෙන් NVQ 4 මට්ටම සම්පූර්ණ කල යුතු වෙනවා
    එමෙන්ම උසස් පෙළ ප්‍රතිපල මත කෙලිම්ම NVQ 5 මට්ටමට කෙලිම්ම ඇතුලත් කරගනු ලබන සිසු දරුවන්ට නියමිත ප්‍රායෝගික දැනුමක් ලැබෙන්නෙම නැහැ.
    එබැවින් වර්තමානයේ පෙර කිවූ පරිදි NVQ 5 මට්ටම සම්පූර්ණ කරන සිසු දරුවන් හට මෝටර් රථ කර්මාන්තයේ පිළිගත් ආයතන වල නම් රැකියා සොයා ගැනීම අපහසු බව මතක් කල යුතුමයි. ඔබ එවැනි පාඨමාලාවක් දැනටමත් ආරම්භ කර ඇත්නම් කලයුතු හොදම දේ තම පාඨමාලාවෙන් පරිබාහිරව හෝ සිය ප්‍රායෝගික දැනුම දියුණු කර ගැනීමට කටයුතු කරන කිරීම බව අප වග කීමෙන් ප්‍රකාශ කර සිටිනවා.
    එබැවින් අප යෝජනා කරනු ලබන්නේ ඔවුන්ටද අවම වශයෙන් අවු 1.5 වත පූර්ණ කාලීනව ප්‍රයෝගික පුහුණුවක් ලබා දිය යුතු බවයි. එසේ නැතහොත් වැඩ නොදන්නා සුපරික්ෂකයින් / සේවා ඉංජිනේරුවන් බිහි වීම වැලැක්විය නොහැකි වනු ඇත.

    මෝටර් රථ කාර්මික අධ්‍යාපනයට යොමු විය යුත්තේ අ.පො.ස. සාමාන්‍ය පෙළින් පසුවද එසේ නැතහොත් උසස් පෙළින් පසුවද?

    ඇත්තටම ඔබට අ.පො.ස. උසස් පෙළ කිරීමට හැකියාවක් ඇත්නම් එයින් පසුව මෝටර් රථ කාර්මික අධ්‍යාපනයට යොමු වීමයි වඩාත් සුදුසු වන්නේ. උසස් පෙළ කිරීමට හැකියාවක් නැත්නම් (ගණිතය වැනි විෂයන් අසමත් වීම මත) NVQ 3 මට්ටමින් ආරම්භ කර ඉදිරියට යාම සිදු කල යුතු වනවා.

    හයිබ්‍රිඩ් පාඨමාලා ලෙස පවත්වන පාඨමාලා පිලිබදව ඔබේ අදහස?

    ඇත්තටම හයිබ්‍රිඩ් කියන්නේ මෝටර් රථයක එක පද්ධතියක් පමණයි. පිළිගත් මෝටර් රථ පාඨමාලාවක හයිබ්‍රිඩ් කොටසත් ඇතුලත් වනවා. අද මෝටර් රථයක සියලුම පද්ධති ඒකිනෙකට සම්භන්ධ බැවින් එම රථයක ඕනෑම අලුත් වැඩියාවක් කිරීමට නම් අප ඉහත දැක්වූ සියලුම විෂය කොටස් ඉගෙන ගත යුතු වනවා. අප ඉහත දැක්‌වා ඇති විෂය මාලාවේ දෙවන සංස්කරණය තුල හයිබ්‍රිඩ් වෙනම ඒකකයක් ලෙස ඇතුලත් වනවා. එය නොබෝ දිනකින් නිකුත් වීමට නියමිතයි.
    මෝටර් රථ කාර්මික ශිල්පී , විදුලි ශිල්පී , වායු සමීකරණ ශිල්පී, මෝටර් රථ පින්තාරු සහ වැද්දුම් ශිල්පී ලෙස පාඨමාලා පවතිනවා . මේවයින් හොද මොන පාඨමාලාවද?
    මෝටර් රථ කාර්මික ශිල්පී , විදුලි ශිල්පී , වායු සමීකරණ ශිල්පී පිළිබඳව පළමුව සලකා බලමු. වර්තමාන තත්වය ගැන කතා කලොත් මේ වගේ බෙදීමක් තියා ගන්න ඉතාම අපහසුයි. විදේශයන් හි මෙම වෘත්තීන් තුනම එකතුවයි දැන් පවතින්නේ. හේතුව නම් ඕනෑම කාර්මික ශිපියෙකුට රථයක විදුලි පද්ධති සහ වායු සමීකරණ පද්ධති පිලිබදවත් විදුලි ශිල්පියෙකුට අනෙක් පද්ධති දෙකම පිලිබදවත් අවබෝධය තිබිය යුතු වීම. මේ වන විට විදේශ සමාගම් වලට නම් මෝටර් රථ වායු සමීකරණ ශිල්පීන් බදවා ගන්න එක පහත වැටි තිබෙනවා. හේතුව නම් වායු සමීකරණ පද්ධතියට විදුලි පද්ධති ඇතුලත් වී තිබීමත් විදුලි ශිල්පීන් එම පද්ධතිය අලුත් වැඩියා කිරීමත් බව සඳහන් කරන්න කැමතියි. කෙසේ වුවත් ඔබ ලංකාවේ කුමන පාඨමාලාව හැදෑරුවත් ඔබ අනෙක් වෘත්තීන් දෙක පිළිබඳව කෙටි කාලීන පාඨමාලා ඔස්සේ හෝ හදාරා තිබීම ඔබේ ඉදිරි ගමනට රුකුලක් වනු නොඅනුමානයි.
    එමෙන්ම අප පළමුව කතා කරනු ලැබූ වෘත්තීන් තුනටම වඩා වැඩි වැටුපක් දේශීයවත් විදේශීයවත් මෝටර් රථ පින්තාරු සහ වැද්දුම් ශිල්පී යන වෘත්තීයට හිමි වනවා. 

Disclaimer

This Webpage is continued for your personal appreciation or educational conscient purposes only. All Content of this webpage is published by extracting the information from online sources such as government official websites and other websites etc. The copyrights of these contents belong to the responsible owners. If a modification will happen in these information, our website does not assume any responsibility.